සැම්සුන් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද ගැලැක්සි ටැබ් 10.1 පරිගණකය ජර්මනියේ අලෙවි කිරීම තහනම් කර ඇතැයි වාර්තා වේ.
ගැලැක්සි ටැබ් නිෂ්පාදනය මගින් ඇපල් සමාගමේ අයි පෑඩ් හි පේටන්ට් බලපත‍්‍ර අයිතීන් උල්ලංඝනය කර ඇතැයි ජර්මන් අධිකරණයක් විසින් තීරණය කිරීමෙන් අනතුරුව මෙම තහනම පනවා ඇත.
ගැලැක්සි ටැබ් හි මූලික අංග නිර්මාණය කර ඇත්තේ අයිපෑඩ් අනුකරණය කිරීමෙන් යැයි කලින් ලබාදුන්නා වූ තීන්දුවක් යළි සලකා බලන මෙන් මෙම නඩුව පවරා තිබුණි. මේ වන විට ඇපල් හා සැම්සුන් සමාගම් අතර නීතිමය ගැටුම් ඕස්ටේ‍්‍රලියාවේ, උතුරු ඇමෙරිකාවේ හා ආසියාවේ ද පවතියි.
0 comments:
Post a Comment