බ්ලැක් බෙරි දුරකතනවල පරණ මාදිලි සඳහා ඇති ඉල්ලුම අඩුවීම නිසා එම දුරකතන නිපදවන කැනේඩියානු Research in Motion (RIM) සමාගමේ ලාභ විශාල වශයෙන් කඩා වැටී තිබෙන බව වාර්තා වේ.
මේ අනුව, බී.බී.සී. ලෝක සේවය වාර්තා කරන්නේ 2011 දෙවන කාර්තුවේ මෙම සමාගමේ ලාභ සියයට 50 කට වඩා අඩුවී තිබෙන බවයි.
සමාගම විසින් නව ජංගම දුරකතන මාදිලි කිහිපයක් හඳුන්වා දුන්නද එය සිදුව තිබෙන්නේ දෙවන කාර්තුව අවසාන කාලයේදී බව සඳහන්ය.
වාර්තාවන ආකාරයට සමාගමේ ශුද්ධ ලාභය මේ වසරේ දෙවන කාර්තුවේදී ඩොලර් මිලියන 329 ක් දක්වා අඩුවී තිබෙන අතර ගිය වසරේ අදාළ කාර්තුවේදී ලබා තිබෙන ශුද්ධ ලාභය ඩොලර් මිලියන 797 කි.
සමාගමේ ව්‍යාපාරික කටයුතු සෙලවෙමින් තිබෙන නිසා සිය සේවකයින්ගෙන් සියයට 11 ක් හෙවත් 2000 ක් පමණ දෙනා සේවයෙන් අස්කරන බව Research in Motion (RIM) සමාගම දැනටමත් සඳහන් කර තිබේ.
0 comments:
Post a Comment