relojes para web gratis free clock for website
බුද්ධරූප පළ කිරීම තහනම් කිරීමට යෝජනාවේ.       ඡන්දෙ නොදෙන අයට නාමල්ගේන් පළාත් මාරුවක්.       ලංකාව ගැන පරීක්ෂා කිරීමට මානව හිමිකම් කවුන්සලයට.       සංගක්කාරට ජාත්‍යන්තර සම්මාන 2 ක්.       ඇමෙරිකාවේ දරිද්‍රතාවය ඉහලට.       

Friday, September 23, 2011

al jazeera ප‍්‍රධානියා ඉල්ලා අස්වෙයි


ප‍්‍රකට රූපවාහිනී නාළිකාවක් වන අල් ජසීරා සේවයේ ප‍්‍රධානී වඩා කන්ෆාර් මහතා පෙරේදා (20) ඉල්ලා අස්විය. ඊට හේතුව මෙතෙක් හෙළිවී නැත.
අල් ජසීරා රූපවාහිනිය, මෑත කාලයේදී අන් කිසිම රූපවාහිනී නාළිකාවකට වඩා සේවයක් අරාබි ලෝකයට ඉටු කළේය.
අරාබි රටවල් තුළ මතුවූ විරෝධතා ව්‍යාපාර පිළිබඳ පුළුල් මාධ්‍ය ආවරණයක් ලබා දුන්නේ අල් ජසීරා රූපවාහිනියයි.
අල් ජසීරා රූපවාහිනියේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සිය ඉල්ලා අස්වීමේ ලිපිය අල්-ජසීරා කාර්ය මණ්ඩලය වෙත යවා ඇති අතර. ඒ පිළිබඳව ”ටිවිටර්” මාධ්‍ය ජාලය ඔස්සේ ද ප‍්‍රකාශයක් කර තිබුණි.
”මේ තීරණය හදිසියේ ගත් එකක් නොවෙයි. මණ්ඩලයේ සභාපතිට මේ බව මං කීප වරක් කියා තිබෙනවා. සභාපති මහතා මාගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර ගැනීම ගැන සතුටු වෙනවා” යැයි අල් ජසීරා හිටපු අධ්‍යක්ෂ-ජෙනරාල් වඩා මහතා කියා සිටියේය.
අල් ජසීරා චන්ද්‍රිකා රූපවාහිනී සේවය ආරම්භවූයේ 1996 දීය. එතැන් පටන් එම මාධ්‍ය ජාලය මැදපෙරදිග කලාපය තුළ ප‍්‍රවෘත්ති විකාශය අතින් ඉහළ මට්ටමක සිටී.

පකිස්තානය තුල facebook තහනමට


ආගම් අතර වෛරය පැතිරවූ බවට කියන ෆේස්බුක් ඇතුළු වෙබ්අඩවි කිහිපයක් පකිස්තානයේ තහනම් කිරීමට ලාහෝර් මහාධිකරණය නියෝග කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මුහමද්තුමාගේ කාටූන් රූප තරගයක් ආරම්භ කර ඇති ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියට ස්ථිර තහනමක් පනවන මෙන් ඉල්ලා ඉදිරිපත් කර ඇති පෙත්සමක් සලකා බලමින් ලාහෝර් මහාධිකරණය විසින් මෙම නියෝගය පනවන ලදී.

මෙහි පෙත්සම්කරුවන නීතිඥ මුහමද් අසාර් සිද්දික් පවසා ඇත්තේ තොරතුරු ලබාගැනීමේ අයිතියේ නාමයෙන් ඉස්ලාමීය හරයන් හෑල්ලූවට ලක්කරන බවයි. කෙසේ වෙතත් අන්තර්ජාලයේ තොරතුරු සොයාගැනීමට උපයෝගී වන ගූගල් වැනි වෙබ් අඩවි තහනම් නොකරන මෙන් ලාහෝර් මහාධිකරණය සඳහන් කර ඇත.

මෙම නියෝග පිළිපදින අන්දම පිළිබඳව සොයාබලා ඔක්තෝබර් 06 දින ඒ පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ද එම අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත.

google වෙතින් google plus සැමට


අන්තර්ජාලයේ සමාජ ජාල වෙබ් අඩවි අතරට එක්වන නවතම සමාජ ජාල වෙබ් අඩවිය වන ගූගල් + වෙබ් අඩවිය සම්පූර්ණයෙන් ම මහජනයාට විවෘත කර ඇතැයි වාර්තා වේ.


ගූගල් + වෙබ් අඩවිය මෙලෙස සම්පූර්ණයෙන්ම විවෘත කරන ලද්දේ මාස 2 1/2 ක් පුරාවට පරීක්‍ෂණ පැවැත්වීමෙන් අනතුරුවයි. මෙය මූලික වශයෙන් භාවිතා කිරීමට ආරධනා කර තිබුනේ මාධ්‍යවේදීන් හා තාක්‍ෂණ ක්ෂේත‍්‍රයට අදාල පුද්ගලයන්ටය. ගූගල් + එළිදක්වා සති 2ක් තුළ එය භාවිතා කරන පුද්ගලයන් ගණන මිලියන 10ක් දක්වා ඉහළ ගිය බව ගූගල් සමාගම නිවේදනය කර තිබුණි.

Monday, September 19, 2011

ජපානයේ panasonic සමාගමෙන් රොබෝ මළල කී‍්‍රඩා තරගයක්


කුඩා රොබෝවරුන් යොදාගෙන සතියක් පුරා පැවැත්වෙන තුන්ප‍්‍රයාමය මළල කී‍්‍රඩා තරගයක් පැවැත්වීමට ජපානයේ පැනසොනික් සමාගම තීරණය කර ඇත.


 හවායි දූපතේ කි.මී. 230ක දුර පමාණයක් පුරා පැවැත්වෙන මෙම ඉසව්ව සඳහා ධාවන, පිහිනුම්, පාපැදි ධාවන අංශ අඩංගු වන අතර, මේ සඳහා පැනසොනික් සමාගම විසින් රොබෝවරුන් තිදෙනෙකු නිර්මාණය කර ඇත.
එම සමාගම විසින් නිෂ්පාදිත එවෝල්ටා නම් යළි ආරෝපණය කළ හැකි බැටරි නිෂ්පාදනය මෙහිදී පරීක්‍ෂණයකට ලක් කරනු ලැබේ.


මෙම බැටරිය කෙතරම් ප‍්‍රබලද යන්න සිය පාරිභෝගියකයන් ට විදහා දැක්වීමේ අරමුණෙන් මෙම තරගය සංවිධානය කළ බව පැනසොනික් සමාගමේ ජ්‍යෙෂ්ට සම්බන්ධීකාරක ෂින්ගෝ යුතො මහතා රොයිටර්ස් පුවත් සේවයට පවසයා ඇත. මීට කලින් ද මෙවැනි රොබෝවරුන් යොදාගැනීමට පැනසොනික් සමාගම පියවර ගෙන තිබිණි.

Blackberry ලාභ කඩා වැටේ

බ්ලැක් බෙරි දුරකතනවල පරණ මාදිලි සඳහා ඇති ඉල්ලුම අඩුවීම නිසා එම දුරකතන නිපදවන කැනේඩියානු Research in Motion (RIM) සමාගමේ ලාභ විශාල වශයෙන් කඩා වැටී තිබෙන බව වාර්තා වේ.


මේ අනුව, බී.බී.සී. ලෝක සේවය වාර්තා කරන්නේ 2011 දෙවන කාර්තුවේ මෙම සමාගමේ ලාභ සියයට 50 කට වඩා අඩුවී තිබෙන බවයි.


සමාගම විසින් නව ජංගම දුරකතන මාදිලි කිහිපයක් හඳුන්වා දුන්නද එය සිදුව තිබෙන්නේ දෙවන කාර්තුව අවසාන කාලයේදී බව සඳහන්ය.


වාර්තාවන ආකාරයට සමාගමේ ශුද්ධ ලාභය මේ වසරේ දෙවන කාර්තුවේදී ඩොලර් මිලියන 329 ක් දක්වා අඩුවී තිබෙන අතර ගිය වසරේ අදාළ කාර්තුවේදී ලබා තිබෙන ශුද්ධ ලාභය ඩොලර් මිලියන 797 කි.


සමාගමේ ව්‍යාපාරික කටයුතු සෙලවෙමින් තිබෙන නිසා සිය සේවකයින්ගෙන් සියයට 11 ක් හෙවත් 2000 ක් පමණ දෙනා සේවයෙන් අස්කරන බව Research in Motion (RIM) සමාගම දැනටමත් සඳහන් කර තිබේ.

Thursday, September 15, 2011

තමිල්නාඩු ප‍්‍රාන්තයේ රජයේ පාසැල් ළමුන් හට නොමිලේ ලැප්ටොප් (Free Laptops)


ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ රජයේ පාසැල් ළමුන් හට නොමිලේ ලැප්ටොප් පරිඝණක පිරිනැමීමට එහි ප‍්‍රාන්ත රජය තිරණය කර ඇති බව වාර්තා වේ.


මේ අනුව රජයේ ද්වීතීයික අධ්‍යාපනය හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ළමුන් හට නොමිලේ ලැප්ටොප් පරිඝණක ලැබෙනු ඇත.


පසුගියදා පැවති මැතිවරණයේ දී ලබාදුන් පොරොන්දුවක් අනුව පස්අවුරුදු සැලැස්මක් යටතේ මෙම පරිඝනක ලබා දෙනු ඇත.


මෙම තීරණය  හේතුවෙන් දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් වල ළමුන් හට සහය වනු ඇති බව බොහෝ දෙනා පවසන නමුත්, ඇතැමුන් පවසන්නේ මෙම තීරණය හේතුවෙන් දැඩි වියදමක් වැයකිරීමට සිදුවන බවත් එම ධනය වෙනත් සමාජ සේවා හා යටිතලපහසුකම් කටයුතු සඳහා යෙදවිය හැකි බවයි.

Wednesday, September 14, 2011

බොරු පාට් දැන් බැ


ඇත්ත, බොරුව පැහැදිලිව දැන ගැනීම සඳහා අළුත්ම තාක්‍ෂණ ක‍්‍රමයක් විඉාඥයන් පිරිසක් විසින් සොයාගෙන ඇත.


ශරීරයේ උෂ්ණත්ව වෙනස්කම් පෙන්වන මෙම උපකරණය මගින් මූලික පරීක්‍ෂණ මේ වන විට සිදු කර ඇති බවත් එහි ප‍්‍රථිඵල 2/3ක් සාර්ථක බව මෙම පර්යේෂණ සිදුකළ බ‍්‍රැඩ්ෆෝඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම පවසයි.


අසත්‍යයක් පවසන විටකදී ශරීර උෂ්ණත්වය ඉහළ යන බවත් මෙම උපකරණය මගින් එම වෙනස්වීම් පෙන්වන බවත් පවසන ඔවුන්, මෙම දත්ත වලට අමතරව මුහුණේ හැඟීම් වර්ග කරන වෙනත් පද්ධතියක දත්ත ද සමග පරිඝණයකට ඇතුළත් කරන බව පවසයි. මෙම සියළුම දත්ත සැලකිල්ලට ගනිමින් පරීක්‍ෂනයට භාජනය කරන පුද්ගලයා පවසන දෑ වල සත්‍ය අසත්‍යතාවය නිර්ණය කරනු ලැබේ.


මේ වසර අවසානය වන විට මෙම තාක්‍ෂණය බි‍්‍රතාන්‍යයේ ගුවන්තොටුපලක් සඳහා ද යොදගැනීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Intel හා Google සමාගම් හවුල් ගිවිසුමකට


පරිඝණක චිප් නිෂ්පාදන කරන දැවැන්තයෙකු වන ඉන්ටෙල් සමාගම, අන්තර්ජාලයේ දැවැන්තයෙකු වන ගූගල් සමාගම හා හවුල් ගිවිසුමකට එක්ව ඇති බව වාර්තා වේ.


ඉන්ටෙල් සමාගම, පරිඝණක හා සර්වර් අංශ වල චිප් නිෂ්පාදනයේදී ඉදිරියෙන් ම සිටියද, කුඩා අඩු විදුලිය ධාරාවකින් කි‍්‍රයා කරන චිප් නිෂ්පාදනයේදී පසුබෑමකට ලක්ව සිටියි. මේ දින වල ජංගම දුරකතන හා ටැබ්ලට් පරිඝණක සඳහා ඉහළ ගොස් ඇති ඉල්ලූම හමුවේ ගූගල් සමාගම විසින් නිෂ්පාදනය කර ඇති ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සාර්ථක වෙමින් පවතියි.


ගූගල් හා එක්වීමෙන් අඩු විදුලි ධාරාවක් භාවිතා කරමින් අඩු උෂ්ණත්වයක් පිටකරන කුඩා චිප් නිපදවීමට ඉන්ටෙල් සමාගමට හැකිවනු ඇති බව විශ්ලේෂකයන්ගේ අදහසයි.

ඇමෙරිකාවේ දරිද්‍රතාවය ඉහලට


ඇමෙරිකාවේ දරිද්‍රතාවය තවදුරටත් ඉහළගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.


2009 දී 14.3% වූ මෙම ප‍්‍රතිශතය 2010 වන විට 15.1% දක්වා ඉහළ ගොස් තිබේ. 2010 ප‍්‍රතිශතය 1983 න් පසුව වාර්තා වූ ඉහළම දරිද්‍රතා ප‍්‍රතිශතයයි. පසුගිය වසර වන විට ඇමෙරිකාවේ දරිද්‍රතාවය මිලියන 46.2ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් සමස්ථ ජනතාව හා සැසඳීමේ දී පුද්ගලයන් සය දෙනෙකුගෙන් එක් අයෙක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව වාර්තා වේ.


මෙහි වැඩිම පිරිසක් වාර්තා වන්නේ මිසිසිපි ප‍්‍රාන්තයෙනි. පසුගිය සිවු වසර පුරාවටම ඇමෙරිකාවේ දරිද්‍රතාවය ඉහළගොස් තිබේ.


පුද්ගලයන් සිවුදෙනෙකුගෙන් යුත් පවුලක වාර්ෂික ආදායම ඇ. ඩොලර් 22,314කට අඩු නම් හෝ තනි පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම ඇ. ඩොලර් 11,139 කට අඩු නම් ඔවුන් දරිද්‍රතාවයෙන් පෙළෙන්නන් ලෙස ඇමෙරිකාවේ සැලකේ.

Tuesday, September 13, 2011

කෘමීන් කා - මුත්‍රා බී දිවි රැකගත් පුද්ගලයා


බොලීවියාවේ සැන්මා කර්ස් නගරයේ සිට ට්‍රිනිඩෑඩ් බලා යමින් තිබියදී ඉකුත් අඟහරුවාදා ඝන වනයට කඩාවැටුණු කුඩා ගුවන් යානයේ ගමන් ගත් 9 දෙනාගෙන් දිවි ගැලවුණු එකම පුද්ගලයා වන 35 හැවිරිදි මයිනර් විඩාල්, ගැලවුම්කරුවන් ඔහු බේරාගන්නා තුරුම දිවි රැකගෙන තිබුණේ කෘමීන් ආහාරයට ගැනීමෙන් හා තමන්ගේම මුත්‍රා පානය කිරීමෙන් බව ප්‍රකාශ කර තිබේ. එපමණක් නොව ගැලවුම්කරුවන්ට ඔහු සොයා ගැන්මට පහසු වනු පිණිස ගමන් ගත් දිශාව බිමෙහි ඊතලයක් මගින් සලකුණු කර ඇත්තේ තමාගේම රුධිරයෙනි.


”ලා - රාසෝන්” නම් බොලීවියානු පුවත්පතට ඔහු දුන් සම්මුඛ සාකච්ඡාවකදී මේ බව කියා ඇති අතර ගුවන් අනතුරින් පසු පැය 62 ක කාලයක් තමා දිවි රැකගත්තේ බාලදක්‍ෂයකු ලෙස ලබා තිබුණු පුහුණුව හා කඳවුරු බැඳීමට හා මසුන් ඇල්ලීමට තිබූ දැඩි කැමැත්ත මත ලත් අත්දැකීම් අනුව බව කියා තිබේ. ඒ අනුව මඩදිය කඩිතිවල ජලය සිය කමිසයෙන් පෙරා බීමටත්, වගුරුබිමේ එළිමහන් තැනක් සොයා යාමටත් ඔහු පෙළඹී තිබිණ. බීමට ජලය සොයාගත නුහුනු තැන්වලදී ස්වකීය මුත්‍ර පානය කළ බව ද ඔහු කියා ඇත.


අනතුර සිදුවන විට ඔහු වාඩිවී සිට ඇත්තේ යානයේ පිටුපස කොටසේය. අනතුරින් පසු ඔහු සුන්බුන් අතර හිරවී සිටියේ බරපතළ තුවාල සහිතවය. ඔහුගේ හිසත්, ඉල ඇටත් හානි වී තිබුණද ඔහුට හොඳ සිහිය තිබිණ. යානය කඩාවැටුණේ රාත්‍රියේය. කඩාවැටීමෙන් පසු ගින්නක් හටගෙන තිබුණු අතර, යානා ඉන්ධන සුවඳ දැනෙන්ට වී තිබේ. “මුලදී කිසිවක් පෙනුණේ නැහැ. ඒත් කෑගැසීම් ඇසුණා. ඉන්පසු එකවරම සියල්ල නිහඬ වුණා. ඒ මොහොත හරිම බියකරුයි” ඔහු කීවේය. යානයේ සිටි සෙසු අටදෙනාම මියගොස් තිබිණ. “මයිනර් විඩාල්” සුන්බුන් අතරින් එළියට බඩගා ගත්තේය. ඈතට ඇවිද යන ඔහු තමන් ගමන් ගත් දිශාව දැක්වූයේ සිය රුධිරයෙන් ඊතල ලකුණු යෙදීමෙනි. තැනකදී ඔහු සිය කමිසය මඟ දමා ගියේ ද සලකුණක් වශයෙනි. ඉකුත් සිකුරාදා ගං ඉවුරක රැඳී සිටියදී නාවික මුර සේවා යාත්‍රාවකට ඔහු හමු වී තිබිණ.

Sunday, September 11, 2011

අර්තාපල් රුධිර පීඩනය අඩුකිරීමට සහය වන බව නවතම අධ්‍යනයකින් හෙළි වී තිබේ.


ස්ථූලභාවය වැඩි කරන ආහාරයක් ලෙස බොහෝ දෙනෙකු සලකන අර්තාපල් රුධිර පීඩනය අඩුකිරීමට සහය වන බව නවතම බ්‍රිතාන්‍ය අධ්‍යනයකින් හෙළි වී තිබේ.

පර්යේෂකයින් පවසන්නේ, අර්තාපල් ආහාරයට ගැනීම මගින් අතිරේක බර වැඩිවීමක් සිදු නොවන බවයි.


අධ්‍යනයේදී පුද්ගලයින් 18 දෙනකුට මසක කාලයක් දිනකට දෙවරක් අර්තාපල් ආහාරයට දී තිබේ.එහිදී හෙළි වී ඇත්තේ, දෛනිකව අර්තාපල් ආහාරයට ගන්නා පුද්ගලයන්ගේ රුධිර පීඩනය ක්‍රමිකව අඩුවන බවයි. රුධිර පීඩනය අඩු කිරීම මගින් ආඝාතය හා හෘදයාබාධ වැනි රෝග වළක්වා ගත හැකි බව අධ්‍යනය මෙහෙය වු පර්යේෂකයෝ ප්‍රකාශ කරයි.

ඔබාමාගෙන් නව ආර්ථික සැලැස්මක්

රැකියා උත්පාදනය කිරීමේ ඩොලර් බිලියන 447ක නව ආර්ථික සැලැස්මක් අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා විසින් හඳුන්වා දෙනු ලැබ තිබේ. කොංග්‍රස් මණ්ඩලය අමතමින් ඔබාමා පැවසුවේ, ඇමරිකාව ආරථික අර්බූදයකට මුහුණ දී සිටින බවයි.



දේශපාලන මතභේද පසෙක  තබා තම ආර්ථික සැලැස්ම  ක්‍රියාත්මක කිරීමට සහය වන ලෙස ඇම‍රිකානු ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය. ඔබාමා පැවසුවේ, ඇමරිකාව මුහුණ දී සිටින ගැටලු එක් රැයකින් විසදිය නොහැකි බවයි. එහෙත් නව සැලසුම් තුළින් යම් වෙනසක් ඇති කළ හැකි බව ඔහු සඳහන් කළේය. ඇමරිකානු ජනාධිපතිවරයාගේ නව සැලසුම් යටතේ නව රැකියා ලබා දෙන සමාගම්වලට බදු සහන හිමි වනු ඇති.

Saturday, September 10, 2011

LG වේතින් ස්කෑන් කළ හැකි මවුසයක් (LG’s new LSM-100)

LG සමාගම අපූර්වතම ආකාරයේ නිපැයුමක් නිපදවීමට සමත්ව තිබේ. LG’s new LSM-100 ලෙස නම් කර ඇති සාමාන්‍ය පරිගණකයක භාවිත වන මවුසයකි. එහෙත් මෙම මවුසයේ ස්කෑනරයක් අන්තර්ගත වීම විශේෂත්වය වේ. සාමාන්‍ය ප්‍රමාණයේ ලේසර් මවුසයක් වන මෙය ස්කෑන් කිරීමට අවශ්‍ය මතුපිට මත ස්පර්ශ කරගෙන යාම මඟින් එහි දත්ත පරිගණකය වෙත යැවිය හැක. PNG, JPEG, TIFF, BMP, PDF, XLS , මෙන්ම DOC යන ආකාරවලින්ද මෙම උපකරණය මඟින් ලිපි ස්කෑන් කිරීමට හැකියාව පවතින අතර A3 ප්‍රමාණයේ වපසරියක් දක්වා එකවර ස්කෑන් කළ හැකි වීම ද විශේෂත්වයකි.


ජර්මනිය, තුල Samsung Galaxy Tab තහනම් වේ


සැම්සුන් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද ගැලැක්සි ටැබ් 10.1 පරිගණකය ජර්මනියේ අලෙවි කිරීම තහනම් කර ඇතැයි වාර්තා වේ.


ගැලැක්සි ටැබ් නිෂ්පාදනය මගින් ඇපල් සමාගමේ අයි පෑඩ් හි පේටන්ට් බලපත‍්‍ර අයිතීන් උල්ලංඝනය කර ඇතැයි ජර්මන් අධිකරණයක් විසින් තීරණය කිරීමෙන් අනතුරුව මෙම තහනම පනවා ඇත.
ගැලැක්සි ටැබ් හි මූලික අංග නිර්මාණය කර ඇත්තේ අයිපෑඩ් අනුකරණය කිරීමෙන් යැයි කලින් ලබාදුන්නා වූ තීන්දුවක් යළි සලකා බලන මෙන් මෙම නඩුව පවරා තිබුණි. මේ වන විට ඇපල් හා සැම්සුන් සමාගම් අතර නීතිමය ගැටුම් ඕස්ටේ‍්‍රලියාවේ, උතුරු ඇමෙරිකාවේ හා ආසියාවේ ද පවතියි.

Friday, September 9, 2011

හොංකොං හි HSBC 3000 ක් ගෙදර යවයි

ඉදිරි වසර තුන තුළදී සිය ආසියානු ප්‍රධාන මධ්‍යස්ථානය වන හොංකොං පදනම් කර රැකියා කරන සිය සේවකයින් 3000 ක් ගෙදර යවන බව HSBC කියයි.



මේ පිළිබඳව වාර්තා කරමින් බී.බී.සී. ලෝක සේවය පවසන්නේ සිය බැංකු ජාලයේ පිරිවැය අඩුකිරීමේ වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක කරන බවත් 2013 වනවිට HSBC හි ලොව පුරා සේවය කරන සේවකයින් 30,000 කගේ පමණ සේවය අවසන් කිරීමට බැංකුව සූදානම් වන බවයි.


ලෝකයේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධ බොහෝ බැංකු සිය සේවකයින් ප්‍රමාණය අඩුකිරීමේ වැඩසටහන් වලට යොමුවී තිබෙන බව සඳහන්ය.

සිය දිවි නසා ගැනීමෙන් චීනය අංක 1 ට


සෑම මිනිත්තු දෙකකට වරක්ම චීනයේ පුද්ගලයෙකු සිය දිවි නසා ගන්නා බවත් ලෝකයේ වැඩියෙන්ම සිය දිවි නසා ගන්නා පුද්ගයින් සිටින රටවල් අතර චීනය පෙරමුණේ සිටින බවත් අනාවරණය වේ.


ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ චීනය තුළ සිය දිවි නසා ගැනීමේ අනුපාතය පුද්ගලයින් 100,000 කට 22.23 ක් බවයි.


මේ අනුව, බිලියන 1.3 ක ජනගහනයක් සිටින චීනයේ සෑම වසරකම පුද්ගලයින් 287,000 ක් පමණ සියදිවි නසා ගැනීම මගින් මිය යනබව සඳහන්ය.


මෙම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරන්නේ එරට සෑම වසරකම මිලියනයක පමණ පිරිසක් සිය දිවි නසා ගැනීමට උත්සාහ කරන බවයි.

Thursday, September 8, 2011

yahoo ප‍්‍රධාන විධායක නිලධාරී කැරොල් බාට්ස් ඉවත් කරයි.


Yahoo සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කැරොල් බාට්ස් එම සමාගමේ සභාපතිවරයා විසින් ඉවත් කර ඇති බව වාර්තා වේ.


බාට්ස් මහත්මිය වසර තුනක් පුරාවට යාහූ සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරීවරිය ලෙස කටයුතු කොට ඇත.


යාහූ සමාගමට නව ප‍්‍රධාන විධායක නිලධාරීයෙකු පත් වන තෙක් යාහූ සමාගමේ ප‍්‍රධාන මූල්‍ය ප‍්‍රධානී ටිම් මෝස් විසින් තාවකාලිකව එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ගූගල් හා ෆේස්බුක් වැනි වෙනත් සමාජ ජාල වෙබ් අඩවි වලින් එල්ල වන තරගය හමුවේ ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමේ ගැටළු වලට මුහුණදීමට යාහූ සමාගමට සිදුවිය.


බාට්ස් ඉවත්කිරීමේ පුවත පළ වීමෙන් අනතුරුව යාහූ සමාගමේ කොටස් 6%කින් ඉහළගොස් ඇත.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More