relojes para web gratis free clock for website
බුද්ධරූප පළ කිරීම තහනම් කිරීමට යෝජනාවේ.       ඡන්දෙ නොදෙන අයට නාමල්ගේන් පළාත් මාරුවක්.       ලංකාව ගැන පරීක්ෂා කිරීමට මානව හිමිකම් කවුන්සලයට.       සංගක්කාරට ජාත්‍යන්තර සම්මාන 2 ක්.       ඇමෙරිකාවේ දරිද්‍රතාවය ඉහලට.       

Friday, September 23, 2011

al jazeera ප‍්‍රධානියා ඉල්ලා අස්වෙයි


ප‍්‍රකට රූපවාහිනී නාළිකාවක් වන අල් ජසීරා සේවයේ ප‍්‍රධානී වඩා කන්ෆාර් මහතා පෙරේදා (20) ඉල්ලා අස්විය. ඊට හේතුව මෙතෙක් හෙළිවී නැත.
අල් ජසීරා රූපවාහිනිය, මෑත කාලයේදී අන් කිසිම රූපවාහිනී නාළිකාවකට වඩා සේවයක් අරාබි ලෝකයට ඉටු කළේය.
අරාබි රටවල් තුළ මතුවූ විරෝධතා ව්‍යාපාර පිළිබඳ පුළුල් මාධ්‍ය ආවරණයක් ලබා දුන්නේ අල් ජසීරා රූපවාහිනියයි.
අල් ජසීරා රූපවාහිනියේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සිය ඉල්ලා අස්වීමේ ලිපිය අල්-ජසීරා කාර්ය මණ්ඩලය වෙත යවා ඇති අතර. ඒ පිළිබඳව ”ටිවිටර්” මාධ්‍ය ජාලය ඔස්සේ ද ප‍්‍රකාශයක් කර තිබුණි.
”මේ තීරණය හදිසියේ ගත් එකක් නොවෙයි. මණ්ඩලයේ සභාපතිට මේ බව මං කීප වරක් කියා තිබෙනවා. සභාපති මහතා මාගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර ගැනීම ගැන සතුටු වෙනවා” යැයි අල් ජසීරා හිටපු අධ්‍යක්ෂ-ජෙනරාල් වඩා මහතා කියා සිටියේය.
අල් ජසීරා චන්ද්‍රිකා රූපවාහිනී සේවය ආරම්භවූයේ 1996 දීය. එතැන් පටන් එම මාධ්‍ය ජාලය මැදපෙරදිග කලාපය තුළ ප‍්‍රවෘත්ති විකාශය අතින් ඉහළ මට්ටමක සිටී.

පකිස්තානය තුල facebook තහනමට


ආගම් අතර වෛරය පැතිරවූ බවට කියන ෆේස්බුක් ඇතුළු වෙබ්අඩවි කිහිපයක් පකිස්තානයේ තහනම් කිරීමට ලාහෝර් මහාධිකරණය නියෝග කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මුහමද්තුමාගේ කාටූන් රූප තරගයක් ආරම්භ කර ඇති ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියට ස්ථිර තහනමක් පනවන මෙන් ඉල්ලා ඉදිරිපත් කර ඇති පෙත්සමක් සලකා බලමින් ලාහෝර් මහාධිකරණය විසින් මෙම නියෝගය පනවන ලදී.

මෙහි පෙත්සම්කරුවන නීතිඥ මුහමද් අසාර් සිද්දික් පවසා ඇත්තේ තොරතුරු ලබාගැනීමේ අයිතියේ නාමයෙන් ඉස්ලාමීය හරයන් හෑල්ලූවට ලක්කරන බවයි. කෙසේ වෙතත් අන්තර්ජාලයේ තොරතුරු සොයාගැනීමට උපයෝගී වන ගූගල් වැනි වෙබ් අඩවි තහනම් නොකරන මෙන් ලාහෝර් මහාධිකරණය සඳහන් කර ඇත.

මෙම නියෝග පිළිපදින අන්දම පිළිබඳව සොයාබලා ඔක්තෝබර් 06 දින ඒ පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ද එම අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත.

google වෙතින් google plus සැමට


අන්තර්ජාලයේ සමාජ ජාල වෙබ් අඩවි අතරට එක්වන නවතම සමාජ ජාල වෙබ් අඩවිය වන ගූගල් + වෙබ් අඩවිය සම්පූර්ණයෙන් ම මහජනයාට විවෘත කර ඇතැයි වාර්තා වේ.


ගූගල් + වෙබ් අඩවිය මෙලෙස සම්පූර්ණයෙන්ම විවෘත කරන ලද්දේ මාස 2 1/2 ක් පුරාවට පරීක්‍ෂණ පැවැත්වීමෙන් අනතුරුවයි. මෙය මූලික වශයෙන් භාවිතා කිරීමට ආරධනා කර තිබුනේ මාධ්‍යවේදීන් හා තාක්‍ෂණ ක්ෂේත‍්‍රයට අදාල පුද්ගලයන්ටය. ගූගල් + එළිදක්වා සති 2ක් තුළ එය භාවිතා කරන පුද්ගලයන් ගණන මිලියන 10ක් දක්වා ඉහළ ගිය බව ගූගල් සමාගම නිවේදනය කර තිබුණි.

Monday, September 19, 2011

ජපානයේ panasonic සමාගමෙන් රොබෝ මළල කී‍්‍රඩා තරගයක්


කුඩා රොබෝවරුන් යොදාගෙන සතියක් පුරා පැවැත්වෙන තුන්ප‍්‍රයාමය මළල කී‍්‍රඩා තරගයක් පැවැත්වීමට ජපානයේ පැනසොනික් සමාගම තීරණය කර ඇත.


 හවායි දූපතේ කි.මී. 230ක දුර පමාණයක් පුරා පැවැත්වෙන මෙම ඉසව්ව සඳහා ධාවන, පිහිනුම්, පාපැදි ධාවන අංශ අඩංගු වන අතර, මේ සඳහා පැනසොනික් සමාගම විසින් රොබෝවරුන් තිදෙනෙකු නිර්මාණය කර ඇත.
එම සමාගම විසින් නිෂ්පාදිත එවෝල්ටා නම් යළි ආරෝපණය කළ හැකි බැටරි නිෂ්පාදනය මෙහිදී පරීක්‍ෂණයකට ලක් කරනු ලැබේ.


මෙම බැටරිය කෙතරම් ප‍්‍රබලද යන්න සිය පාරිභෝගියකයන් ට විදහා දැක්වීමේ අරමුණෙන් මෙම තරගය සංවිධානය කළ බව පැනසොනික් සමාගමේ ජ්‍යෙෂ්ට සම්බන්ධීකාරක ෂින්ගෝ යුතො මහතා රොයිටර්ස් පුවත් සේවයට පවසයා ඇත. මීට කලින් ද මෙවැනි රොබෝවරුන් යොදාගැනීමට පැනසොනික් සමාගම පියවර ගෙන තිබිණි.

Blackberry ලාභ කඩා වැටේ

බ්ලැක් බෙරි දුරකතනවල පරණ මාදිලි සඳහා ඇති ඉල්ලුම අඩුවීම නිසා එම දුරකතන නිපදවන කැනේඩියානු Research in Motion (RIM) සමාගමේ ලාභ විශාල වශයෙන් කඩා වැටී තිබෙන බව වාර්තා වේ.


මේ අනුව, බී.බී.සී. ලෝක සේවය වාර්තා කරන්නේ 2011 දෙවන කාර්තුවේ මෙම සමාගමේ ලාභ සියයට 50 කට වඩා අඩුවී තිබෙන බවයි.


සමාගම විසින් නව ජංගම දුරකතන මාදිලි කිහිපයක් හඳුන්වා දුන්නද එය සිදුව තිබෙන්නේ දෙවන කාර්තුව අවසාන කාලයේදී බව සඳහන්ය.


වාර්තාවන ආකාරයට සමාගමේ ශුද්ධ ලාභය මේ වසරේ දෙවන කාර්තුවේදී ඩොලර් මිලියන 329 ක් දක්වා අඩුවී තිබෙන අතර ගිය වසරේ අදාළ කාර්තුවේදී ලබා තිබෙන ශුද්ධ ලාභය ඩොලර් මිලියන 797 කි.


සමාගමේ ව්‍යාපාරික කටයුතු සෙලවෙමින් තිබෙන නිසා සිය සේවකයින්ගෙන් සියයට 11 ක් හෙවත් 2000 ක් පමණ දෙනා සේවයෙන් අස්කරන බව Research in Motion (RIM) සමාගම දැනටමත් සඳහන් කර තිබේ.

Thursday, September 15, 2011

තමිල්නාඩු ප‍්‍රාන්තයේ රජයේ පාසැල් ළමුන් හට නොමිලේ ලැප්ටොප් (Free Laptops)


ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ රජයේ පාසැල් ළමුන් හට නොමිලේ ලැප්ටොප් පරිඝණක පිරිනැමීමට එහි ප‍්‍රාන්ත රජය තිරණය කර ඇති බව වාර්තා වේ.


මේ අනුව රජයේ ද්වීතීයික අධ්‍යාපනය හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ළමුන් හට නොමිලේ ලැප්ටොප් පරිඝණක ලැබෙනු ඇත.


පසුගියදා පැවති මැතිවරණයේ දී ලබාදුන් පොරොන්දුවක් අනුව පස්අවුරුදු සැලැස්මක් යටතේ මෙම පරිඝනක ලබා දෙනු ඇත.


මෙම තීරණය  හේතුවෙන් දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් වල ළමුන් හට සහය වනු ඇති බව බොහෝ දෙනා පවසන නමුත්, ඇතැමුන් පවසන්නේ මෙම තීරණය හේතුවෙන් දැඩි වියදමක් වැයකිරීමට සිදුවන බවත් එම ධනය වෙනත් සමාජ සේවා හා යටිතලපහසුකම් කටයුතු සඳහා යෙදවිය හැකි බවයි.

Wednesday, September 14, 2011

බොරු පාට් දැන් බැ


ඇත්ත, බොරුව පැහැදිලිව දැන ගැනීම සඳහා අළුත්ම තාක්‍ෂණ ක‍්‍රමයක් විඉාඥයන් පිරිසක් විසින් සොයාගෙන ඇත.


ශරීරයේ උෂ්ණත්ව වෙනස්කම් පෙන්වන මෙම උපකරණය මගින් මූලික පරීක්‍ෂණ මේ වන විට සිදු කර ඇති බවත් එහි ප‍්‍රථිඵල 2/3ක් සාර්ථක බව මෙම පර්යේෂණ සිදුකළ බ‍්‍රැඩ්ෆෝඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම පවසයි.


අසත්‍යයක් පවසන විටකදී ශරීර උෂ්ණත්වය ඉහළ යන බවත් මෙම උපකරණය මගින් එම වෙනස්වීම් පෙන්වන බවත් පවසන ඔවුන්, මෙම දත්ත වලට අමතරව මුහුණේ හැඟීම් වර්ග කරන වෙනත් පද්ධතියක දත්ත ද සමග පරිඝණයකට ඇතුළත් කරන බව පවසයි. මෙම සියළුම දත්ත සැලකිල්ලට ගනිමින් පරීක්‍ෂනයට භාජනය කරන පුද්ගලයා පවසන දෑ වල සත්‍ය අසත්‍යතාවය නිර්ණය කරනු ලැබේ.


මේ වසර අවසානය වන විට මෙම තාක්‍ෂණය බි‍්‍රතාන්‍යයේ ගුවන්තොටුපලක් සඳහා ද යොදගැනීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More